ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“රිදී ජුබිලියයි මේ අපි දෙන්නාගේ”

“රිදී ජුබිලියයි මේ අපි දෙන්නාගේ”

වජිර ජයවර්ධන
2023-October

පිඟන් පියන් තඩිබාමින්
සක් නාද කරමින්
මේ ඇඳෙන්නේ
කස පුපුරන හඬ සහිත
පෙරහැරක් වන බව
දන්නේම

අමු අඹ
ලුණු නැතුව
අමුවෙන්ම
කෑ අය විතර මයි
තවම ඒ දෙස
බලා සිටිනා අයට
පෙරහැරේ සොඳුරු බව
එළෙසින්ම විඳිය හැක

දත් හිරි වැටෙන තෙක්…