ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමූලඝාතනයක් ඉදිරිපිට

සමූලඝාතනයක් ඉදිරිපිට

ආරි ලියනගේ - ඉතාලිය
2024-February

වැටුනාද එක කඳුලක් නෙත
හෙලුවාද එක සුසුමක් දිග
සමූලඝාතනයක් ඉදිරිපිට
අඳ ගොලු බිහිරි ලොවම අද

නිමේශයකින් සමතලා වුන
විලාප හඬේ දෝංකාරය
නුඹලාට නොඅඇසුනේ
ඒ ලදරුවන් මිනිස්සුන්
අපි නුඹලාගේ නොවෙන බව

පලක්වෙද ලෝක ජාතී සංගම්
නිශේඳ බලයක් තිබෙන කොට
පාලන බලය බල වතුන් අත
දිළිඳු රටකට හඬක් නැත
මානව කොමිසන් පුරාජේරුව
පුස්සක් වුනා අද දින
අපිට පමණයි උන්ගෙ උදහස
නොදුන්නොත් තීරණ යුක්තියට
වසා දමමූ සඳහට
හේග් නගරෙත් උසාවිය.