ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සම්බුද්ධ ඝාතනය​

සම්බුද්ධ ඝාතනය​

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
2023-August

Context:
M A Nuhman wrote Tamil poem titled “Putharin Padukolai” soon after the burning of the Jaffna Library in 1981. it was translated to English by S Pathmanathan. This is a Sinhala interpretation of the original poem.

ඉකුත් රැයෙහි සිහිනයක දුටිමි
බුදු හිමි වෙඩි වැදී මළ බැව්
නිල නොවු ඇඳුමින් උන්
පොලිස් සෙබලුන් අතින්
යාපනේ පොත් මැදුර අබියස​
පිය ගැට පෙළ මත
වීය​ ඒ ලේ ගලන සිරි ගත​​

ඝන අඳුර රජයන කල​
පැමිණෙති ඇමති කැල
“අප ලයිස්තුවේ මොහු නම් නැති
ඉතින් මොහු කුමට නැසුවේද තොපි”
ඔවුහු ගිගිරූ සඳ උදහසින්
පැවසී සෙබල මුල බැගෑ හඬින්
“ස්වාමීනි තරහ අවසර
අප අත වරද නැති
සිටින තුරා මොහු යහතින්
හිංසා කල නොහේ මැස්සෙකුට වුව, එහෙයින්…”

“හා හා තව කම් නැත ඉතින්,
මළ සිරුර වහා සඟවව් ඔතනින්”
පවසා ඇමතිවරු නික්මුනු ඉක්බිති
සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක්
සිරි සිරුර මැදුර තුලට ඇදපියා​
අනූ දහසක් පොත් එය මත අසුරා
සිගාලෝවාද සුත්ත දල්වා
පොත් සෑයට ගිනි තැබූූ කල්හී
බුර බුරා නැගි මහ ගින්නෙන්
ශාන්ති නායක​ බුදු සිරුර සමගින්
ධම්ම පදයත් එදා දැවී අලුවූ වග​යි