ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

චෙරි මල් පිරුණාට

චෙරි මල් පිරුණාට

චතුරි වික්‍රමාරච්චි - වොෂින්ටනය
2021-May

චෙරි මල් පීදෙන්න
කලියෙන් මාහද
අහස වගේ  නිල්පාට
පැහැදිලියි ආදරෙයි

රෝස පාටින් වෙලී
පිපුණු චෙරි මල් වලට
ලස්සනයි පාලාතම
මගේ ආලය වගේ

සීතල උනාට පාන්දරට
බඹරු ඇදෙනවා
චෙරි මල් වලට
නුඹ ආවා වගේම

සුවඳ නම් විඳින්නට
රොන් උරා නටන්නට
උන් කැමති මල්වලට
පියඹන්න ඉක්මනට

එනතුරා මා ළඟට
චෙවි චේස් මල් වත්තෙ
චෙරි මලක් වාගේම
ඉන්නෙමි මග බලන්

වසන්තය විදින්නට
වොෂින්ටන් නගරයේ
ඇවිඳුමුද අත් පටලා
නිදහසේ ආදරෙන්….

ඇල්හැන්ඩ්‍රෝ ඇහුනාද?
මේ මරියානා විදරයිද?
චෙරි මල් පිරුණට
එකම එක මලකි මම