ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පවසන දේ පරිස්සමින් …!

පවසන දේ පරිස්සමින් …!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2022-October

⁣යමකුට ඔබ පවසන්නට යන
දෙය ගැන සිතනු මඳක්…
කමකට නැති ඕපදූප වාගෙම
යම් වෙච්චි හොඳක්…
නමකට සම්බන්ධ වුවොත් වෙසෙසින් සැම දන්න ලඳක්…
තම කට වැරදෙන්න යන්නෙ මොහොතයි, එය වෙලා ඇදක්…

අසනා අයගෙන් සමහරු , අතින් දමා එය රසකර..,
වසනා ගම පුරාම පතුරන්නේ නම් තලුමර මර…
ගසනා තටු අනුවම පැතිරෙනවා වැඩිවී එහි බර…
මසනා එක මුව, හොඳබව සිහිවෙයි
ගියපසු පෙරහර…

දෙතිස් කතා ගැන දෙසලා ඇත්තෙ දහමෙ නිකම් නොවේ…
එ තිස් පැයේ සීලෙ රැකුම අගය නිසාමනේ ලොවේ…
විපස්සනා බවුන්වැඩුම පුරුදු වුනොත් ලැබෙයි සුවේ…
තපස් නොවීමුත් සිත නිවනට
යොමුවී ගතම නිවේ…

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා .
දෙහිවල