ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳ අහිමි අහසක..

සඳ අහිමි අහසක..

කාංචනා පෙරේරා කපුගේ - කොළඹ
2022-November

අමාවක අහසකට සඳක් එන්නැති හැටී
තරුවකින් අසාවිත් වලාකුල් මට කීහැටී
හමාගිය සුළඟටත් කඳුළු වළකනු බැරි හැටී
මඟ බලාහුන් නෙතට විඩාබර ඇයි මේහැටී

රළක් පෙරලී නැවත ආවත් වෙරළකට නවතනු බැරී
වඩදියට අවනත නොවුනු දියඹද අනේ සැඩවුනු හැටී
සයුරමත හිඳ වාරකන් මට රුවළකින් නවතනු බැරි
සිතිජ ඉම මත ඇඳුණු සිතුවම් සිතින් මගෙ පිටමං වුණි….