ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිළිඳෙකු හඬනු ඇසුනා

බිළිඳෙකු හඬනු ඇසුනා

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
2023-January

සීතල මැදින් උදුවප් මස ගෙවන’තුරේ
වල්ගා තරුව පායා දෝ නිල් අඹරේ
නොදැනේ කිසිදු වෙනසක් ගව ලෙන ඇතුලේ
සාමයෙ කුමරු අද නැතිදෝ අප අතරේ

බිළිඳෙකු හඩනු ඇසුනා සිහිනෙකින් වගේ
කනිසම වැදෙනු ඇසුනා සීනුවක් වගේ
ගොපලු දරුවො දකිනා විට දුරින් වගේ
ළා හිරු මඬල එබුනා කවුළුවෙන් මගේ

බෙත්ලෙහෙමේ සීනුව ලොව රැවු දේවා
සාමයේ පණිවිඩය හැමතැන පැතිරේවා
සතුට සමාදානය සිත රජවේවා
සුබ නත්තලක් ඔබ හැම දෙනටම වේවා