ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි
2021-November

ලැදිව රජෙක් බොරු බස් කී විගස කයා
නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා
පොළොව පලාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා

පෙර එක් රජෙක් සිය කැමැත්තෙන් ම බොරු කියා තමන්ට තිබුණු
අහසින් යන බලය ද නැති කොට ගෙන, ඒ මිනිස් සිරුරෙන් ම
පොළොව පළාගෙන නිරයට වැටුනේ ය. එහෙයින් සත්ත්වයනි !
මෙලොව දී බොරු කීම නරකම යි.