ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොදුටුවෙමි මිතුරිය නුඹවන් සොයුරියක් !!!

නොදුටුවෙමි මිතුරිය නුඹවන් සොයුරියක් !!!

ගර්ලි චන්ද්‍රිකා - මාළබේ
2022-March

හුරුබුහුටි මුව කමල,
අන්සිත් නොරිදවන
වදන්,
ඊටත් වඩා සංවේදී,
උණුවන හිතක්,
සසර පුරාවට
ගෙන එමින්,
තමන් ලද ජයග්‍රහණයෙන්,
තවකෙකුගේ හදවතට,
සතුට ළඟා කරලීමට,
දරන ප්‍රයත්නය,
අමතක නොවූ කෙළෙහිගුණ,
අතීතයේ දිනයක,
ආගන්තුකව පැමිණ,
සැබෑම සොයුරියක් විය,
අපට,
නොදුටුවෙමි මේ මිහිපිට,
හමුවුනේ නැත,
දිවිතුරාවට,
තම මව, පියා, සොහොයුරිය සේම,
මිය ගිය මිතුරියක් වෙනුවෙන්,
ඇය නික්ම ගිය දිනය,
මතකයේ රඳවා ගෙන,
ඇය වෙනුවෙන් පිං පමුණුවන,
කළණ මිතුරියක්,
කාලය, දේශය, දීපය,
විෂම වූ යුගයක,
පිනට පහළ වූ දයාබරිය,
සත්සමුදුරින් එතෙර සිටියද,
නු‍ඹේ ගුණ සුවඳ අපමණයි !!!
දැනෙයි මට එය සොයුරිය,
නුඹ මා ළඟ සිටිනවා සේ,
නුඹට පෙර මා මියගිය දිනක ද,
මෙතේ බුදුන් අභයස,
මලක් පුද කොට,
පතන්නකෝ හැර භවයේ,
මෙලෙස හමු වී,
උතුම් බුදු පා අභියස,
සසර සයුර එතෙර වන්නට,
අප හැමට හැකි වන ලෙස,
ඉතින් මා ළබැඳි සොයුරිය,
දිවි ඇති තුරු ඔබට,
තිස්තුන් කෝටියක් ,
දෙවි රැකවරණයි !!!
උතුම් තෙරුවන් සරණයි. !!!