ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංසාර හමුව

සංසාර හමුව

චතුරි වික්‍රමාරච්චි - වොෂින්ටන්
2021-February

ඉකිගසන සන්ද්‍යාවෙ
මල හිරු බසින අපූරුව
අදයි අවසන් දවස
ඉතිං මා ළඟ සිටින

මැවු හීන කන්දම
කඩා වැටී පොළවටම
බර වැඩියි පපු කුහරෙ
හිරවෙලා දුක් ගුළිය…

ආවෙ නුඹ දැකගන්න
වෙනදා වගේම
ආදරේ උතුරන
හදවතත් අරගෙනම

සංසාර චක්කරෙ
කොහේ හෝ ලක්ෂයක
අපි එකතු වෙමු ඉතිං
කවදා හරි යළි දිනක

ඔබට මා මටද ඔබ
අයිතිවන බවයකට
හීන කන්දම නැඟන්
මමත් පිය මනින්නම්

වස්සානෙ අගිස්සෙ
කෙළවරට වී ඉන්න
අපි දුන්නු පිං අරන්
මව් කුසක සැතපෙන්න….

මේ ගමන නිමක් නැත..