ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි
2021-August

ගඟ යන ඇත් කුණ ඉඳ මස් රසටා
සිඳු මැද වැද වැනසුණු මෙන් කපුටා
ලද ඉසුරෙහි ලොබ නොහළොත් තොපටා
බව සයුරෙන් ගමන් නැත ගොඩටා

ගඟෙහි පාවී යන්නා වූ මළ ඇත් කුණ උඩ හිඳ රසයට ලොල් ව එහි මස් කමින් ගිය කපුටු තෙම, ඒ ඇත්
කුණත් සමඟ ම මහා මුහුදට වැටී විනාශ වූයේ යම් සේ ද, එමෙන් ම මේ ලැබුණු සම්පත් කෙරෙහි
ආශාව වැඩි කළ හොත් තොපටත් සංසාර සාගරයෙන් එගොඩ වෙන්ට නො ලැබේ.