ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැනසුවේ වන රිකිලි පහසුවට

වැනසුවේ වන රිකිලි පහසුවට

ඉසුරු එබනීස - කොළඹ
2021-May

වැනසුවේ වන රිකිලි පහසුවට
වනසා දැමුවේ කුරිරු සිතෙන්
දහස් ගණනකගේ ජීවිත
ප්‍රතිපල හැරවී එන්නෙ අපට නේද

මනු රකුසා
දළ ගන්නට බිම බෑවේ දළ ඇතාව
මිනිස් කම බිම හෙලුයේ ඒ සතාම
කැපුවේ වන වදුලු තනන්නට නිවාස
වනසාලයි සතුන්ගෙ වාසස්ථාන

වනය වැනසීමෙන්
නැති වෙන්නේ හුස්ම
කැපුවාට අභය භූමි හොඳට
කැපුවේ කවුද කියලවත් දන්නෑ මුන්ට
නාය යනකොට හොඳට
මැරි මැරී යනකොට
දැනෙයි කරපුවයේ විපාක.