ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වසත් කල අග

වසත් කල අග

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2023-July

විසල් මන්දිර උයනක
ලාෆින් විලෝ රුක අසල
හඬයි වී පින් විලෝ තුර

වැහිකබා වෙනුවට
කලු කුඩ ඉහලගෙන
යන සුදු මිනිසුන්

වසන්තය අග්ගිස්සෙ
මන්ද මාරුතය හවසට
ඇයිද මෙතරම් සීතල..

පාං කෑමේ ප්‍රියතයින්ගේ
මුහුණේ මුද්‍රා තබන
බටර් කප් මල්

තන අග පිනි බිංදු
නැත කොහේවත්
වියළී ගොස් ය තෘණ පත්

ජීවිතය අනියතය … නියත ය
මරණය නියතය … අනියත ය
දහම් දෙකක් එක ළඟ

-ලන්ඩනය