ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රුවන්වැලි මහ සෑය

රුවන්වැලි මහ සෑය

උපාලි අත්තනායක - මහනුවර
2023-March

බුදු සිසිල ගලා එන රුවන්වැලි මහසෑය
සද‌‌‌ සිසිල ගලා එන රුවන්වැලි මහසෑය
මල්සුවද ගලා එන රුවන්වැලි මහසෑය
සිල්සුවද ගලා එන රුවන්වැලි මහසෑය

සිසිල දෙන්නට වැවිඉවුර රැලිවෙලා
සුවද දෙන්නට මල් ගොමුව සැරසිලා
එලිය දෙන්නට සදමඩල මෝරලා
නිවන් මග පෙන්නන්න මහසෑය සැරසිලා

දෙවිබඹුන් මහසෑය වදින්නට
සගරුවන මහසෑය වදින්නට
සිල්වතූන් මහසෑය වදින්නට
වැලිමල‌‌‌ව සතර කොන රැස්වෙලා