ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වරද

වරද

සුනිල් එස්. සිරිසේන  - මහනුවර
2023-August

යළි නොඑන්නට ගියත්
මම නැවත එන්නෙමි
මතක සැමරුම් අතර
හැම තැනම නවතිමි

නොදන්නා ඉමක් වෙත
සෙමින් පිය ඔසවමි
නොපෙනනා ඉසව්වක
පෙර මතක වළලමි

කඳුළු නැති දෙනෙත් අග
වියලෙන්න ඉඩ දෙමි
කිසි දිනෙක නොඑන බව
යලිත් මම නොකියමි