ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මට හිතෙන ආදරය

මට හිතෙන ආදරය

ලයනල් ගමගේ ඌරුමුත්ත
2024-January

මට හිතෙන ආදරය
මට දැනුනෙ අද තමයි
කනට කිති කැවෙන මද
සිනිඳු හඬ වැකුනමයි
මට දැනුණු ආ හැඟුම්
හිතට වැඩිවෙන හැඩයි
ඒත් මට කසාදෙට
හිතක් තව නැතුවමයි

සඳ ඇවිත් ඝන අඳුරෙ
සොමි රැයක ඉඳ ගනියි
කඳුලු පිනි වැටෙන හඬ
විටක පපුවට දැනෙයි
මට දැනුණු ආ හැඟුම්
හිතට වැඩිවෙන හැඩයි
ඒත් මට කසාදෙට
හීතක් තව නැතුවමයි

මට මගේ මව නැතුව
පුංචි අම්මා ළඟයි
මව් සෙනේ දැනෙන ළඟ
කිට්ටුවට නෑකමයි
නුඹ අරන් ආ දිනක
ඉන්න තැන සැක තමයි
ඒත් නුඹෙ කසාදය
නොකර බැරුවා තමයි