ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉම දුටිමි

ඉම දුටිමි

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය
2023-January

ඇදුමින් වෙහෙසුනද
තමනට කලින් ඔසු
නුඹට දුන්නාද ඇය
රෝමියෝ ආබාධිත

ඇවිලෙනා පිටකොන්ද
ඉවසා ඇනතියා
පතුල් දෙවුවාද ඇය
සාලිය මදුමේහිත

වාරු නැති සිරුරතට
මිනිස් කරුවක් උනිද
සවි නැතත් සිහින් කය
ක්‍රිශ්නා ආසාදිත