ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිනිසත්කම ඇගේ දහම

මිනිසත්කම ඇගේ දහම

මාක් ඇන්ටනි කුමාරගේ
2023-December

හෙළයේ බිහිවු සත්‍යය හඬ ගයන්නී
සරල ව ජීවිතය නිහඬ ව ගෙවන්නී
ඇයගේ ගැයුම් හදවත ට ම දැනෙන්නී
මිනිසත්කමේ ප්‍රතිරූපය මවන්නී

නිරහංකාර ඇය නන්දා මාලනි ය
හිතුවක්කාර සත්‍යයෙ හඬ රාජණි ය
යුක්තිය නමින් දිවි ගෙවනා ජීවනි ය
මානව දයාවෙන් පිරි ගී ප්‍රේමනි ය

ඇය නන්දා ගී බැන්දා
රස හින්දා ජන වින්දා
තතු දන්වා ගැයු හින්දා
සොඳ සිත් ඇති අය වැන්දා

මඩ වගුරේ පිපුණු කුසුම
බුදු මැදුරේ පිදෙන නෙළුම
කිතු සමිඳුන් නමින් ගැයුම
මිනිසත්කම ඇගේ දහම

අසත්‍යයට ගහන පහර
අයුක්තියේ බිඳෙන නහර
හදට දැනෙන ගැඹුරු වහර
සිඳී නොයන ගීත දහර

මාක්@කුමාරගේ