ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහ ගස් විතරයි – පොඩි ඒව බෑ

මහ ගස් විතරයි – පොඩි ඒව බෑ

වජිර ජයවර්ධන
2022-February

ගොඩක් මහ ගස් කැමතියි
අහස වසා පැතිරෙන්න
වැඩෙන ගස් වල
හිරු එළිය වලකන්න
හිටි හැටියෙ අතු කඩා
පුංචි ගස් රිදවමින් හූරන්න…

හැමදාම පොළව මත සරු වෙන්න
පොහොර වැටුනම
හොඳම ටික අරගන්න
දිය ගලන උල්පතේ රහස් තැන්
තනි තනිව හොයාගෙන
කාලයක් යෙහෙන් වැජඹෙන්න

මහ ගසෙන් පැල වෙනා දේ මිසක්
තවත් නව ජාතියක්
පොළව මත සරු සාර වී මතුවෙන්න
ඉඩ නොදී සැනහෙන්න නම්
පමණක්ම කැමති මහ ගස්..

…………………………………
…………………………………
ඒ නිසා හිතුවක්කාර මුල් මතින්
එන්න මිතුරනි පැලවෙන්න.