ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරේට වාගේ කවියක් ලියවුනා:

ආදරේට වාගේ කවියක් ලියවුනා:

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2022-February

ඔබ ඔතනටවී සිටියා
මම මෙතනටවී සිටියා
නිකමට වගේ පාලුව දැනුනා

ගැබ්බර අහස යට
කෙතරම් අභිමත ඇත්ද
මහපොලොවේ පිට මත
කෙතරම් සිනා පිනි ඇත්ද

මෝසම් වැසි වැටිලා
අහස කලුවර වෙලා
පින්නකෙලවරේ මඩටිකක් තැවරිලා

නිල්වන් අහස යට
දඟදරන කල් නැත්ද
හිරැ උදාවී හෙටදිනෙක
වැහිබිඳු පිනිබිඳු නොවන්නෙද