ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

(නො)බැඳීම්

(නො)බැඳීම්

සචී ජයවර්ධන
2022-March

නරුම හදවත් ගැඹුරු වට
හක්කලං ගහපු තරමට
වැටුණු තැන පැසුණු ලෝ දිය කඳ මත
සිනාවෙන් ගල් බොරළු විය; අළු යට

අකළට වට වැස්සෙන්
යළිඳු පිපෙන්නට දත කන
බැඳීම් – නොබැඳීම් යුගල පද
ගළප්පා ගත නොහැකිව හිරිවැටිණ….

තිත. නැත
කොමා, ඇත
(වරහන් ඇත) යළිඳු,
{සඟල වරහන ඇද විය}
ඇළ ඉරි / හෝ / තේරීම් නැත
විස්මයක් ඇත!
එහිම සදාකාලික ප්‍රශ්නාර්ථයක් ඇත….?