ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සසරක හැටි

සසරක හැටි

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2024-February

කොහොමද අම්මේ මේවා කන්නේ,……..
හපන්නට බැහැ කටේ දතුත් නැහැනෙ,……
මගේ අතට දැනෙනවා,….තද ගතියක්,.
ලෝකයෙන්ම ගනන් වැඩියි
ගුනයෙන් ඉහලයි කීවාට,….
මට බැහැ අම්මේ මේවා හපන්නට,….

පුතුනේ,…………
ගෑසුත් නැහැ තම්බල දෙන්න
කරන්ට් කපල විදුලියත් නැහැ
තට්ටු නිවසක් හන්ද,…නැහැ දර ලිපක්

අම්මේ,…
ඵහෙනම් මම කියන්නද,…..
මිරිස්ගලේ දාලා අඹරලාවත් දෙන්න,….
ලුනු මිරිසක් වගේ,…….
ඵපා අම්මේ අඬන්න කඳුලු සලා,………
කරදර කරන්නෙ නෑ,….
පුරුදු වෙන්නම් ඉවසන්නට බඩගින්න,….

26/1/2024

Photo; Nick Fewings