ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුහුඹු අපි

කුහුඹු අපි

ජයතිලක කම්මැල්ලවීර
2023-January

කුරු කුහුඹු රංචුවකි
මේ විසල් තණබිමේ
කුඩා සුණු ඔසවගෙන
එහෙ මෙහේ සැරිසරති

ඒ අතර ඉන් එකෙක්
ශේෂයක් තරම් ලොකු
සුණු බිඳක් හිසින් ගෙන
පා නගයි මහ බරට

ඔහු දකින මට සිතෙයි
ඒ කුහුඹු මහා බර
මා හිසෙත් වන්නේ ද?