ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පරිස්සමින් යාලූ…!

පරිස්සමින් යාලූ…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2022-June

*******************
පමණට වඩා විශ්වාසය
ඇති කලදී…
අනුනට පිහිට වන හින්දා
අප මුලදී…
ගණනට ⁣දුරින් නොතබා ගත්
පව පලදී…
විඳිනට වෙනව දුක් අවසන
හිතද රිදී…

අසහනයෙන් පෙලෙන දන අද වැඩිම නිසා…
ඉවසන අයට වෙන්නේ නම්
හරිම දොසා…
පවසන අයත් ඇත යම් දේ
හදම නසා…
අවසන වැරදි කරු කරනව
අයුතු ලෙසා…

නන්නාඳුනන අය මිතුදම්
පතා එන…
අන්කාලයට වැඩියෙන් ඇත
සිතා ගෙන…
දන්නාවුන් ලවා සොයලා
සතා දැන…
ඉන්නා එක ඇඟට වෙනවා
ඉතා ගුණ…