ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තාත්තා මමයි ඔයාගේ

තාත්තා මමයි ඔයාගේ

කුමාරි විජේසේකර - නුගේගොඩ
2021-August

මගේ නමින් ඇගේ කුසෙන්,
ලොවට එන පුතේ
දිවිය මගේ සඳ විමනකි
සුන්දරයි සිතේ
මගේ රුවින් ඇගේ කිරෙන්
වැඩෙන මා පුතේ
මගේ දිවියෙ
රන් අසිපත ඔබයි
රන් පුතේ

පුතේ ඔයා මගේ හදේ
මිහිරිම පැතුමක්
සදා අඳුර අපේ දිවියෙ
දුරු කළ පහණක්
ප්‍රීතිය සැනසුම ගෙන දුන්
සිසිල් පැන් පොදක්
දිවිය අපේ පූර්ණ කල
සුන්දර දසුනක්

දුවේ ඔයා මගේ හදේ
සිහින කුමාරී
ජීවිතයම නැවුම් කරන
සුමුදු කුමාරී
නිවසත් දිවියත් එළි කල
මගෙ දූ කුමරී
ඔයා සමඟ දුවේ දිවිය
මට හරි මිහිරී

පැතුම් පතා පෙරුම් පුරා
ජීවය ලැබ දුන්
දිවිය පුරා එනතුරු ඔබ මඟ බලාන උන්
සෙනේ ගඟක් ඔබ නිසාම
හදවතේ උපන්
තාත්තා මමයි ඔයාගේ
ජීවිතයම දුන්

කිරි නොවුනාට රතු ලෙය
මගෙ බොන්න උරා
බිහි නොකළාට කුසයෙන්
මගෙ පුතේ ඔයා
ඉසුලුවේ නැතිවාට
දසමස කුසේ දරා
මමයි ඔයා බිහි කෙරුවේ පියා වෙලා,,