ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇද ඇද බැලීම…!

ඇද ඇද බැලීම…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2022-March

ගැහැණු කැමති දේකිය
අර සාප්පු යෑම…
වැහුනු කඩත් අරවාලා
රෙදි තේරීම…
ඇහුනු දේකි එය නම්
උපතින් ගෙනඒම…
මහනු දස්ස අයට ඒක
සතුටකි බෝම…

හැම රාක්ක පුරා තියෙන
රෙදි ඇද බලලා…
නොම ගෙන යනවිට ආපසු
එන්නම් කියලා…
එම කඩවල ඉන්න අයට
බෝ දුක හිතිලා…
සමහරු බනිනව සද්දෙට
යන්නට හැරලා…

ගන්න මුදල් ඇත්නම් හොඳ
දෙය විමසාලා…
ඉන්න අයට කරදර නොම
කර මිලදීලා…
යන්න අරන් රෙදි, නොකරම
කඩ වනසාලා…
දෙන්න ඉඩක් සැනසෙන්නට
ඒ විකුණාලා…