ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බෝඩිමේ ඇන්ටි

බෝඩිමේ ඇන්ටි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2022-February

සීරුවට අනන්තය ළඟට කර වැන්දාය
සායමට වසන්තය මුලාකර වින්දාය
මායමට හිනාවක්‌ මුහුණටම ඇන්දාය
සෙයිලමට සින්න වුන බෝඩිමේ නැන්දාය

යායටම බොල් වෙච්චි වී අහුරු වපුරලා
පාර පෙරමග බලයි අස්වැන්න එන ගලා
රෑ හීන ලෝකයක අනේ අසරණ වෙලා
තාම ඇගෙ බෝඩිමට හඳ තරුත් පායලා

මාසෙකට එකවරක් පොඩි නිවාඩුව ලබන
බෝඩිමේ ඇන්ටි විත් එයත් සැක හැර බලන
ඈත් අහුවුන උගුලෙ අපත් නිරතුරු යවන
පෝය පන්සල වඳී යන්න අද හෙට නිවන

AnA 2022