ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිහඬ අරගලය

නිහඬ අරගලය

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
2022-May

ලිප්ගල් තුනක ලියැවුණු
දුප්පතුන් ගේ ශෝචනීය
සෙල්ලිපිය
දුම්‍ රොඩු වලට වැසී
ඈත ගම්මානයේ
එදවස පටන් …
බලා සුසුමක් හෙලන්නට මිස
කියවාගන්නට වද වී
නොසිටිමුත් කිසිවෙක් .
සීත කාමර ගිනියම් ව
අන්දකාරය පැතිරෙද්දී
වැලි නොපෑගුන මුදු දෙපා
යටිගිරියෙන් මොර දී
නොනවතින අරගලය කට…

20/04/22