ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නත්තල

නත්තල

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2022-December

අත්කර දෙන ලොවේ නැතිබැරි අයට යමක්
සත්වග කුසේ ගිනි නිවලා දිලුන ලොවක්
විත් සැම දොළොස් මාසයකම එකම දිනක්
නත්තල කුසේ ගිණි නිවෙනා දිනටනමක්

මලකට සුවඳ සේ සෙනෙහස හදින් ගෙන
පැල මන්දිරය සමසේ සලකමින් එන
විල හෙල දොළ පවා පුබුදා සතර කොන
කල ආ වගයි යළි නත්තල් පසන් වන

විස්වය පුරා විහිදීයන හඬ සුසර
ලස් සන ගීතිකා පල්ලිය තුළ නිතර
වස්සානයට වට වැස්සක් සේ තුසර
විස්මය දකිනු ලොව නත්තල් ඇති විසිර

සුදු රැවුලයි හිස් වැසුමයි දාගෙන පැමිණෙන
මුදු ලෝගුව රත් පැහැගත් මිරිවැඩි සමගින
කදු ගහගෙන රසරස දෑ තෑගිද සමගින
අඳු නනවද නත්තල් සීයා මෙහි ඇවිදින

කොතරම් නම් ඇතිමුත් දුක් රට ඉස්මත්තේ
එතරම් ගණනකට නොගත් සත්දන චිත්තේ
අත පෑමට කාටත් කුස ගින්දර මත්තේ
සිත නුයැ සමහරු කළ පවු නොවැ ගිණිගත්තේ