උගසට තැබූ පෙම
සුමුදු සුවඳට මොණර කොළයේ
කෝඩු සිත උගසට තබා
සහස් රැස් නැඟෙනා පැයේ අද
සමණළියෙ නුඹ නික්මිලා
තවරගෙන සෙනෙහස සිතේ
හද රිඳුම් දෙන යාමයේ
නේත්‍රා බිඳු නැවුම් පෙම වී
නුඹව සොයනෙමි දස අතේ
පහන් සිළුවක එළිය සේ
ආල සිත දල්වා මගේ
පිපෙන හීගඬු වලට මැද්දෙන්
පෙම් ගඟුලෙ සැතපෙමි රැයේ
කියූ එවදන් මතකයේ
හිමි නැතත් නුඹ මේ භවේ
පවන් මඟෙ සොමි කිරණ වෙන්නකො
පිරෙන්නම පපුවම මගේ