ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෙම්ලොව විශ්වාසගත මිතුරා

පෙම්ලොව විශ්වාසගත මිතුරා

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2023-August

කවියන් කිවිඳියන්
එදා මෙදා තුර
ගෙතු නිර්මාණ
පෙම්වතුන්ගේ
ප්‍රේම පාරාදීසය තුළ
සියවසක්
පසුකරමින් සිටියදී
අතේ නැලවෙමින්
තෙපලු පෙම්බස් සමග
සුන්දරම වූ කෙඳිරිය
අනන්තවත් මම
අසා ඇත්තෙමි
දුටු දසුන්
අප්‍රමාණය
පෙම්වතුන්ගේ
විශ්වාසම මිතුරා
මමයි මමමය
ප්‍රථම ප්‍රේමය
පූජා කලවුන්
කුළුදුලේ ඇරඹුවන්
මෙන්ම
පෙම්ලොව අහිමිව
හිස් අතින්
ගෙදර ගියවුන්ද
ඕනෑ තරම් මා
දැක ඇත්තෙමි
මගේ තුරුලට
නොආ අය
අතේ ඇඟිලි ගණනටය
සහශ්‍රය මියෙදෙන
තෙක් පෙම්ලොව
නොමියෙන හන්තාන
මිතුරා මමමය.