ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිරින්දෑට ප්‍රශ්නයක්

බිරින්දෑට ප්‍රශ්නයක්

රන්ජන ආරියරත්න
2023-May

කවදාකවත් නොමැතිව
නොහිතුව පැනයකි
හදිසියෙම අද උදෑසන
ඔලුවත් වටේ කැරකුන
මරාලය කිමෙක්දැයි බයත් ඇතිවුන

“ඔයාට වටින්නෙ
මාවද…?
අම්මවද…?”

අම්මපා……..
සුද්දියේ……..

තියේ පිළිතුර
එකම වචනෙක
නමුදු නුඹ හිත රිදවන

නුඹ ලඟට මා ලංකල
මගේ පැටියනට උඹම මව් කල
උල්පත පිලිසිදුනෙම එතැන
උඹත් දන්නව හොඳටෝම ඒ ගැන

“ගෑනියෙකුට අත උස්සන්න
කපනවා ඇඟිලි මං එක එක”
එසැවුණු සුරතෙ පණ ගිලිහුන
කේන්තිය සිනාවට පෙරලුන
උඹත් දන්නව ඈ ළඟ
මටයි දෙක ඒ වගෙ වෙලාවට

තියේ පිළිතුර
තනි උතුම් වචනෙක
ආඩම්බරේ උඹේ තවත් වැඩිවෙන
අදත් මට බැනුම් වැහි වස්සන
බොරු ඇඩිල්ලක අවසන…..