ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුනරාගමනය

පුනරාගමනය

ප්‍රසන්නජිත් අබේසූරිය
2023-January

ගම මැදින් ගොම්මනේ මර සෙනඟ මතුවුනේ
බිම පතිත කුසුම් පෙති සලිත වී හැකිලුනේ
කිම අනේ ගඟ දිගේ රළ ඉහළ ඉගිලුනේ
නොම දැනේ ම’පුතු ඇයි එ’දිය තුළ සැඟවුනේ

පෙළා අප දුක් දෙවන ගිනි නිවා මඟ සොයා
කළා අභිනික්මනක් නුඹ අපව හැර පියා
බලා සිටිමුත් කොතෙක් නොමැත නුඹ එන නියා
වලා කළු නැගී නුබ කුසින් හිරු ගෙන ගියා

බොල් අහස එකළු කර හිරු ආයෙ දිලේවිද
සල් වනය සුවඳ කර සත් පියුම් පිපේවිද
සිල් ගුණැති ම’පින් කඳ මරු පැරද වඩීවිද
කල් නොහැර දියත ගිනි නිවා අප මුදාවිද