ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරේ ගැන ප්‍රශ්නයක්

ආදරේ ගැන ප්‍රශ්නයක්

ප්‍රියන්ති ඕපාත
2023-October

රාමා සීතා කතාව
කෙතරම් සුන්දරද ….
ඉසුරුමුණි පෙම්යුවලගේ පෙම
කෙතරම් සදාකාලිකද ………..
උන්මාද චිත්‍රා පෙම් පුවත
කෙතරම් චමත්කාරද ………
නුතන පෙම්වතුන්ගේ ආදර කථා
කෙතරම් තාවකාලිකද……
මෙවන් පෙම්පුවත් නම්
අඩුනොවේ අපෙ ඉතිහාසයේ
සිතුනා එබෙන්නට අතීතෙට
ඇයිදෝ මෙසේවුනි කියා

රාමාසීතා කතාව සුන්දරවුනේ
ඒ නිකැළැල් පෙම නිසාද ….
රාවණාත් ඇයට පෙම්බැදි නිසාද ………
එසුරුමුණි පෙම්යුවලගේ පෙම සදාකාලික වුයේ
ඒ නිකැළැල් පෙම නිසාද ……..
කලාකරුගේ නොකිළිටි හදවත නිසාද …….
උන්මාදචිත්‍රා කථාව සොදුරුවුයේ
ඒ නිකැළැල් පෙම නිසාද ……..
නිසල එක්ටම්ගෙය නිසාද ………..
නුතන ආදර කථා එතරම් අසුන්දර වුයේ
දකින දකිනා තැන හදවත් නවතින නිසාද
හැමදේම වාගේ ප්‍රේමයත් වෙනස්වෙන නිසාද

නවසීලන්තය 23/09/2023