ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මියුරු වදන් අත්හල පසු

මියුරු වදන් අත්හල පසු

කපිල ෆොන්සේකා - කොළඹ
2023-May

රිදේ දෙපා
කකියවමින්
පයේ ඇඟිලි
හැපී වදන්
ඇනී අකුරු

හලා දමා
ඇයි මේ ලෙස
වියැකෙන්නට
පෑගි පෑගි
මියුරු වදන්
කදිම රුවැ’ති?

මේ බලන්න
මෙන්න මෙතන
පුපුරු ගහන
පණැ’ති අකුරු
මේ දැන් විසිකරල දමපු!

අර බලන්න
යන හැමෝම
මූණ අමුතු
ඇස් ලොඩි වුණු
මුව පෑහුණු!

හනි හනිකට
ඒ පැත්තට
මේ පැත්තට
යන කාගෙත්
රුව පමණයි
කූරු කූරු !

ඒත් මෙන්න
රළු පොළොවෙන්
පෑගි පෑගි
ඉස්මතුවෙයි
ගසා බසා
හලා දැමූ
වදන් අතර
කුරිරු විහිළු !

2023 අප්‍රේල් 18