ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැස්ස පමා වෙලා වරෙන්

වැස්ස පමා වෙලා වරෙන්

අන්ජලී චන්දිමා සිල්වා - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2022-March

වැස්ස ටිකක් පමා වෙයන්
හනි හනිකට නුඹ ආවොත්
පුංචි දෝණි බඩගින්නේ
වලව්වෙ වැඩ ඉවර වෙද්දි
දන්නෙම නෑ වෙලා ගිහින්
ඒ හින්දයි මේ තරමට
පය ඉක්මන් කරන්නෙ මං
මට තරමට හදිස්සියක්
නුඹට ඉතින් නැති හන්දා
ටිකක් පමා වෙලා වරෙන්
ගෙදරට මං යනතුරුවත්