ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේම අසපුවේ මුනිවාරයාණෙනි – A.B.Lalith de Silva

ප්‍රේම අසපුවේ මුනිවාරයාණෙනි – A.B.Lalith de Silva

ලලිත් ද සිල්වා - නුගේගොඩ
2023-July

තොටුපොල අයිනක
පබාවතිය දෙස
මුළු නුවරම
නිදිගත් මොහොතක
පෙරදා – මහ රෑ
මේ ගුරු පාරේ
කුරුටු ගෑ පොතේ
පිටු අතර
හංස ගීතය ලියූ
ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි !

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
මේ සිරමැදුරෙන් පැනගත් ඔබ
සඳදිය උතුරා යන රාත්‍රියක
මධු පැලේ දොර වසා
නීල නුවන් යුග යොමා
සීගිරි ගීයක් හදවතේ කෙටූ
ළසොවින් හඩන්නී සොයා
රුවල් ඉරීගිය නෞකාවක් වී
දස්කොන් සකිසඳත් තුරුළු කොට
පානම් පත්තුවේ ඩිංගිරි අම්මා සමඟින්
මහමෙවුනා වේ සමාධි බුදු ඇස
ඇහැර වූ ඔබ ‘සුනිලාලෝකයකි’

19/06/2023