ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේමය නුඹයි…..

ප්‍රේමය නුඹයි…..

ඉෂංකා මිහිරි කුමාරතුංග
2024-February

විවරන දහසක් එකම පැතුමක
සරසවා නුඹ තබා එහි මුදුනත..
ලොබ කම් පසෙකලා උනනා කිරි දහරක
පතනා බෝදියක් ලඟ බුදු වෙයන් සුදු පුතේ නුඹ…

වෙස්සන්තර නොවේ පිය තුම …යසෝදරාවද මම නොවේ..
සෙනෙහසක් දරා පපු මැද…සෙනේහයයි මල්වැසි කලේ..
ජීවිතය ඉල්ලා තව… හුස්ම ගන්නට හැම භවේ..
පෙනෙන මානේ ඉන්න නුඹ …නුඹේ ලඟ විරසකයි විවරන අපේ….

නොකීවට නිබ්බුත පද පෙරමග ගී ලෙසිනා
සියක් සියපත් පෙති දිගහැරේ ආසිරි සලලා
අහස වී දිලෙද්දි හිරු සඳු තරු නුඹම වෙලා
පොළව වී අපි ඉන්නම් නුඹේ දෙසම බලා….

Photo; Lahiru Supunchandra