ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කඳුළු රැයක්

කඳුළු රැයක්

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2024-February

අඳුරු අහස මැද

දිලෙන කිරණ ඇත

එලිය කොහේ සිට

විහිද එතත් කිම

රැයේ නොනිදි නුඹෙ

දෙනෙත් වුනත් තෙත

සඳක් නැගෙනු නැත

එලිය රැගෙන අද

තවත් දිනක් හෙට

ලබන පිහිට දැක

තෙත්වු දෙනෙත් හැර

බලන් පැතුම් ගෙන

හිරුද සමග තෙත

පිණිත් රැගෙන එන

හෙටක් ලබන විට

හෙලන් එදෙස නෙත