ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතක දැහැන

මතක දැහැන

නිශ්ශංක දිද්දෙණිය
2022-April

බෝ මළුවේ සඳ වතුරේ ආලසුවඳ හිවුඩු නගා
ගත සිත මුසපත් කරනා කාල මතක අඹරෝරේ
දිදුලන පුන්සඳ මැණිකේ
ඇළ වතුරේ ඇඳි සේයා
හද පාරයි මගෙ මැණිකේ

ඉරගල වැටෙනා වේලේ පුන්පෝදා බුදු මැදුරේ
සාර සිනා පින් සුවඳේ – ඔප වූ මඳලස බැල්මෙන්
අරුණෝදේ වෙල් එළියේ – නියර බඳේ මැවූ දසුන්
සිහිවෙනවා සිත තනිවී – හද පාරයි මගෙ මැණිකේ

උයන් තෙරේ තුරු වදුලේ බමන මල්සරා ඇවිදින්
පාන රැඟුම් දුටු දෑසට නිවනක් නෑ ඉසිඹුලන්න
කාසි පනම් වැසි වැටුණත් සිදාදියේ සුසුම් මැදින්
හරි ගැහෙන්ට තවමත් බෑ හේනේ පැල සිහිවෙනවා

ගම හැරදා ගිය ආරට – නුඹ හැරදා ගිය ගාණට
මව්පිය සෙනෙහස පිදුමට – බහ දුන්න ද මගෙ මැණිකේ

2022.03.22