ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අඬන්න එපා අල්තිනායි. වසන්තය එනව සත්තයි .

අඬන්න එපා අල්තිනායි. වසන්තය එනව සත්තයි .

තුෂාරි ජයසිංහ - මහනුවර
2023-March

සිදුරු කර ළය පිපුණට මල්
ගතු කිව්වෙ කවදාද මිහි මව්
නොහෙලාම නුහුරු බැල්මක්
දරා ගන්නී නොඅසාම පැනයක්

අයිලයක් නැති තැනකත්
ඉපදෙනව අල්තිනායිලත්
නොකියාම පෙම හිර කරගත්
ඇදුරු හිත් වේ බොහෝ තාමත්

හේතු නොකියාම සමු ගත්තත්
අමනාප නෑ හිරු එක්ක අහසක්
රිදෙව්වත් මල් ශීත සෘතුවක්
පෙමක් ඉතිරියි තුහින තුඩකත්

පොප්ලර්ම නොවුණත්
තිබේ තනී වී ඉකිබ්ඳින මහ ගස්
සීතලේ හිම ආඩම්බරෙන් වැටුණත්
වසන්තය එනව සත්තයි ආයෙත්.

2023.01.25.