ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවේ නා හිමි
2021-May

ගුත්තිල මහ සිපී
සක් දෙව් බසින් සැතපී
මින් දිනමැයි දැපී
බමර තත පළමුවෙන් සිඳපී

ගුත්තිල මහ ශිල්පියා ශක්‍ර දෙවිඳුන්ගේ කීම අසා
මූසිල හා සටනින් ජය ගනිමියි උඬගුව බමර තත
පළමුවෙන් බිඳ දැමීය

කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්දමන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමා වීණා තතද සින්දේ

කෙලෙහි ගුණ නැති මූසිල අන්ද මන්ද වී ජයෙහි
තෘෂ්ණාවෙන් තමා ගේ වීණාවේ තත ද සිඳලීය

සටහන:
ශිෂ්‍යයා සමඟ හරි හරියට තරඟ කොට දිනීමට අපොහොසත්
බව දත් ගුරුතුමා සක්‍ර දෙවියන් ගේ උපදෙස් අසා උදව් ලැබ
තම සිසුවා නොමඟ යැවූ ආකාරයයි මේ. කිසිවක් නිසි ලෙස
නොවිමසා ගුරුවරයා අනුකරණය කරන්නට යන ගෝලයිනට
පාඩමකිය මේ.