ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳක මහිම

සඳක මහිම

චමින්ද ලියනගේ - බලංගොඩ
2023-May

අවපස අඳුරට ඉඩ දී
ගලන කැළුම් හෙමින් නිවා
අමාවකට සුයාමයේ
සඳ සැතපෙනවා,

අහස් ගඟේ සුනිල දියෙන්
පැන් සනහා රෑ රැජිනිය
දුරින් ඉඳන් කලා මවා
කිරණ බෙදනවා,

තරු මල් නිල් අහස පුරා
පුර පෝයට රටා වියා
රනින් පෙරූ සඳ වතුරින්
ලොව නහවනවා,

කුමුදු කුසුම් රෑ කුමාරි
ඇයට පෙමින් පිපි කඩුපුල්
නිසායමේ තරිඳු පුදට
සුවඳ සලනවා,

තරිදු වතින් විහිදි කැළුම්
ඔය උවනෙත් දුටිමි කලින්
කවුලුව හැර දොරට එන්න
යළි සසඳන්නම්,