ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සරාගීම විරාගය

සරාගීම විරාගය

කුශාන් ලවන්ග
2023-March

ශුංග සිහිනේක විසල් පහසක
නීල උමතුව මැදියමේ ගින්නක
මිරිගු පහසට පයෝදර දියබිද
හකුළුවාගෙන ආදරේන් ගිනිබත්විය

ප්‍රේමයයි මෙය නොමියෙනා සද
නුරාවෙන් තොර මගේ ප්‍රේමය
නොකිලිටිය අද නුඹේ ලෝකය
එවන් සිහිනෙකවත් නුඹ නම් නැත

ආදරෙන් සිනාසෙන විට
නුඹේ බැල්මට පවා පෙම්කල
සිහින සිත්තරු පෙම්වතෙකී මම
රාගය නම් කුමක්දැයි කියාවත් නොදන්න