ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලොකු අයියා

ලොකු අයියා

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2022-November

ශීත හිරිකඩ
කඩාගෙන
මැදියම් රෑක
හීනයක දැවටී
කාලෙකට පස්සේ
ලොකු අයියා
ගෙදර ඇවිදින්
සාලේ ඉඳගෙන
ඉන්න විටයි
මට මතක් වුනේ
මේ ඉල්මාසේ බව
හිල්මිගේ උපන් දිනයට
ගෙනා රෝසමල් පොකුර
ලොකු අයියා
වාඩි වී සිටි තැනින්
තබා
සුසානය
අහිමි ලොකු අයියගෙන්
ඇහුවෙම
කොහොම
කොතනක
කවදා
දිවිය
අතහැරියද කියලා