ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැතිවද ප්‍රේමයක්

නැතිවද ප්‍රේමයක්

කොබවක කාංචනා කුමුදුනි
2021-November

කළු වලාව පහව ගොසින් ටික වේලාවක්
තවමත් කිම දෝ නෝක්කාඩු බීරුමක්
අඹර පුරා නොදිලෙන තරු කිමද පාළුවක්
ඔය නපුරු හිතේ නැතිවද මට ප්‍රේමයක්

හැම දබරය බත ඉදෙනා තුරු කීවත්
එක වරුවක් ගෙවිල ගියා නැත තාමත්
දුක හිතුනම කවි ලියමින් රෑ පානෙත්
නුඹ තුරුලයි මම සෙව්වේ හැම දාකත්