ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අලුත් දිනපොත

අලුත් දිනපොත

කුමාරි හඳපාන්ගොඩ - කටාර් රාජ්‍යයේ සිට
2024-January

ආයෙමත් අලුත් දිනපොතක්
පැරණි මතකම
අලුත් කර කර ලියන්නට

මේ දින පොතෙත්
ඇතැම් පිටු හිස්ව තියේවි
ඇතැම් පිටුවල ඉඩ මදි වේවි

හිතේ ඇතිවන දේ
ලියවෙනවා කිව්වාට
නොලියවෙන බොහෝ දේ තවත් ඇති

කවුරු නැතත්
සිතුවිලි අහන දිනපොතක්
හිත හිස් කරන්නට අපූරුම තැනක්

Photo: Boolblock