ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොන්දේසි විරහිත ප්‍රේමය

කොන්දේසි විරහිත ප්‍රේමය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2024-January

කපා බිම හෙළද්දිත්
අතු පතර විහිද ගිය
විසල් රුක තැවුණේම
හුස්ම දෙන්නට යළිත්
තම හුස්ම නැතිකමට…

නමක් නැති බැඳීමක
තිබුණේම නැතිවාද
කාටවත් නොපෙනිච්ච
කාටවත් නොදැනිච්ච…
ගැඹුරුතම ප්‍රේමයක්…
කොන්දේසි නොතිබිච්ච…