ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෝංකාරයක්

දෝංකාරයක්

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2024-March

නගර සභා උද්‍යානය විහාර දේවිය ඉන්නා
ජල මල් මැද පිපාසයෙන් කෑරළ හඬ පතුරන්නා
ඩාබිඳු පිස ජනසේනා උයනේ මැද හතිලන්නා
ස්වේත මන්දිරය අබියස දෝංකාරයක් ඇසෙනා

ඉදිරි මගක් නැති සුදු පැහැ මහරු මන්දිරේ ඉන්නා
අසරුවෝද බිම බලාන ඉර හඳ තරු නොදකින්නා
ඈත මෑත හෝන් හඬින් සවන් බිහිරි කරලන්නා
මාවත් අඳුරින් පිරිලා අඬ බෙරයක් නැත ඇසෙනා

අනුරාපුර රජ මැදුරේ ගාම්භීර ලෙස උන්නා
මව් දේවිය කොළොම්පුරේ කණුවක් මත හිඳුවන්නා
ආත්මයක් නැති ජන ගඟ විනෝදයෙන් කඹුරන්නා
ස්වේත මන්දිරය අබියස දෝංකාරයක් ඇසෙනා