ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දිසාපාමොක්

දිසාපාමොක්

පද්මා ජයසිංහ - මහරගම
2023-July

ඔබගෙ සෙවනේ නොබා
ශිල්ප ඥාණය ලබා
ඇදුරු ඇසුරේ සොබා
සරසවිය අත තබා

නැවුම් කොල පිටු පුරා
ගැලූ සිප් ගඟ අමා
ගැයුම් වැයුමෙන් සරා
තක්සලාවේ සරා

හද පත්ල නොසඟවා
තමා දත් සිප් පොවා
බෙදා දුන් සිසු වෙතා
සුනිල් මහැදුරු තුමා
දෙපා නමඳිමි සදා

හෙල කලා අම්බරේ
තවතවත් දිලෙත්වා
අසිරියෙන් තිසරණේ
දිගාසිරි විඳිත්වා !.

(2002 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ
ලේඛකත්ව සහ ජන සංනිවේදන පශ්චාත් උපාධිය
අවසානයේදී ගුරු උපහාරයක් ලෙස නිර්මාණය කරන ලද්දකි.)